බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නැඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 06ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමතිවරිය සදහන් කර ඇත්තේ මෙම අසාදන තත්ත්වය සොයා ගැනීමෙන් පසු තමා නිවසේ ස්වයංව හුදෙකලා වී කටයුතු කරන බවය.

මේ අතර එංගලන්තයේ සෞඛ්‍ය අංශ කියා සිටිනුයේ කොරොනා ආසාදනය සඳහා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් වැඩි කරමින් සිටින බවත්, රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *