මෙරටින් පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.

සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබේ.

වයස අවුරුදු 52ක් වන මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තාවේ.

ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *