චීනයේ කොරොනා පාලනයට හමුදා ශක්තිය යොදා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – කොරොනා වසංගත පාලනය සඳහා චීනය හමුදා ශක්තියත් යොදා ගෙන ඇත. චීන හමුදා රෝහල් 63ක, කොරොනා රෝගීන් වෙනුවෙන් ඇඳන් 3000ක් පමණ වෙන් කර තිබේ.

හමුදා වෛද්‍ය සේවකයින් 10,000ක් පමණ කොරොනා වෛරසය සමග සටනට එක් ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ජනවාරි මාසයේ 24 වැනිදා හෙවත්, චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්දට පෙර දිනයේ සිට චීන හමුදාව ගුවන්, දුම්රිය මාර්ග හා මහා මාර්ග යනාදී ගමනාගමන ක්‍රමවලින් වසංගතය වැඩියෙන් වාර්තා වූ වූහාන් නගරයට වෛද්‍ය සේවකයින් 4000ක් පමණ යවා තිබේ. ආසාදනය, ශ්‍වසනය, බැරෑරුම් රෝග පිළිබඳ අංශවලට අයත් එම වෛද්‍ය සේවකයින්ගෙන් බහුතරයක් සාර්ස් වසංගතයේ හා අප්‍රිකාවේ සිදු වූ ඊබොලා වසංගතයේ පාලන මෙහෙයුම්වලට එක් වීමේ අත්දැකීම් සතුවේ.

මේ වන විට චීන හමුදා රෝහල් හා චීන හමුදාව හුබෙයි පළාතට යැවූ වෛද්‍ය කණ්ඩායම් විසින් කොරොනා රෝගීන් 4450කට ප්‍රතිකාර කර ඇති බවද සදහන් වේ. සුව වී සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 1000ක් පමණ. ප්‍රතිකාරයට එක් වන හමුදා වෛද්‍ය සේවකයින්ගෙන් ‘ශුන්‍ය’ ආසාදනයක් වාර්තා වීම විශේෂත්වයකි. අනතුරුව ඔවුන් අතර සිටින වෛද්‍ය විශේෂඥයෝ ප්‍රතිකාර අත්දැකීම් එකතු කරමින් ප්‍රතිකාර සැළසුම් පරිපූර්ණ කිරීමෙහි ද නිරන්තවරම නියැළී සිටියි.

කොරොනා වසංගතය මර්දනය කිරීමේ මෙහෙයුම්වලට චීන ගුවන් හමුදාවට අයත් දියුණුම උපකරණ ද යොදා ගෙන තිබේ. Xi’an Y20, Il76, Shaanxi Y-9 යන ප්‍රවාහන ගුවන් යානා මගින් හමුදා වෛද්‍ය සේවකයින් වූහාන් නගරයට ප්‍රවාහනය කිරීමට භාවිත කෙරුණි. ඒ අතරින් Xi’an Y20 ප්‍රවාහන ගුවන් යානා වාර 10ක් මෙහෙයුම් සිදු කර තිබේ. වසර 2013 පළමු යාත්‍රාවෙන් පසු එම විශාල පරිමාණ ස්වයං නිෂ්පාදන ප්‍රවාහන ගුවන් යානා, හමුදාමය නොවන මෙහෙයුම්වලට එක් වීමේ පළමු අවස්ථාව ‍මෙය වේ.

මූලාශ්‍ර – ලියූ හුයි–චීන මාධ්‍ය සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 13 =