දිවයිනේ සියලුම දහම් පාසල් වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) – බෞද්ධ දහම්පාසල් අප්‍රේල් 26වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

කෙරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සහ දිවයිනේ සියලු පාසල් අප්‍රේල් 20වනදා තෙක් නොපැවැත්වීම හේතුවෙන් ඊට සමගාමීව හා ළමා ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − one =