ජයවර්ධනපුර සරසවි සිසුන් 06ක් 23වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨියේ පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

මිරිහාන පොලීසිය විසින් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරනු ලැබේ.

අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවූ පසිඳු හිරුෂාන් තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *