යුරෝපයේ සිට අමෙරිකාවට සියලු ගමන් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කර තිබේ.

ධවල මන්දිරයේසිට බදාදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30ක කාලයක් සඳහා අත්හිටුවන බවයි.

මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, අදාළ සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය. අමෙරිකාව තුළ වෛරස් ආසාධිතයින් 1,100කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, මියගිය සංඛ්‍යාව 38කි.

අමෙරිකාවේ වොෂිංටන් ඩී සී හි ද ප්‍රාන්ත හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එසේම, වොෂිංටන් ප්‍රාන්තයේ පුද්ගලයින් 250කට වැඩි පිරිසක් එක් රැස්වීම ද තහනම් කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *