අද සිට තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – විදේශවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අද(13) සිට තවත් මධ්‍යස්ථාන දෙකක් සූදානම් කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා දියතලාව හා කහගොල්ල යන ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා රජය මේ වනවිටත් සැළසුම්සහගත වැඩපිළිවෙළක නිරතව සිටියි.

ඒ සදහා මෙරටට පැමිණෙන පුද්ගලයින් හා රටේ සියලු ජනතාව සහය ලබාදිය යුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *