(කොළඹ, ලංකාපුවත්) –ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා නිශ්චිතවම ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
පසුගිය දිනවල විදේශගතව සිටි උවිඳු විජේවීර මහතා අද (13) යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙරටට පැමිණීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට කටයුතු යොදා තිබේ. ඒ මහතා නිසැකවම පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කිරීමට නියමිත අතර බොහෝ දුරට ඔහු කොළඹ දිස්ත්රික්කයෙන් කරනු ඇතැයි පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.