කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා – අගමැතිත් හුදෙකලාවී නිරෝධායනයට

(කොළඹ, ලංකාපුවත්) –කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ වන සොෆී ටෘඩෝට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිදට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවද කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඔහු සුවයෙන් සිටින බවත් එරට වාර්තා සදහන් කරනු ලැබේ.

අගමැති බිරිඳට එංගලන්ත සංචාරයකින් අනතුරුව මෙම තත්ත්වය හටගෙන ඇති බව සදහන් වේ.

කෙසේ නමුත් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14ක් ස්වයං හුදෙකලාවී නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව කැනඩා රජය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට කැනඩාවේ එක් පුද්ගලයෙක්‌ ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් ගණන 100ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *