කොරෝනා අවදානම නිසා IPL කල් යයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛයිරස් අවදානම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය (IPL) කල් දැමීමටඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මාර්තු මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරඟාවලිය ඒ අනුව අප්‍රේල් මස 20 වනදා දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

මෙම තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි සහ ලේකම් ජේ ශා යන අයගේ ප්‍රධානත්වයෙන් මෙය තීරණය කොට ඇතැයි සදහන් වේ.

ඒ අනුව මෙම තීරණය කණ්ඩායම් 08 වෙත අද(13) දින දැනුම් දී ඇති අතර ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ දී අදාළ කණ්ඩායම් හිමිකරුවන් අතර හමුවක් මුම්බායි හී දී පැවැත්වෙන බවද වාර්තා වේ.

කොරෝනා වෛයිරසය ලොව පුරා වේගයෙන් පැතිරීමත් සමඟ ඉන්දීය රජය, ඉන්දියාවෙන් පිටත මෙන්ම ඉන් පිටත සංචාරය කරන පුද්ගලයින් සඳහා දැඩි සංචාරක සීමාවන් ද පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − eleven =