කොරෝනා ආසාදිතයින් ඇසුරුකළ අය ගැන විමර්ශන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරුකළ අය ගැන විමර්ශන ආරම්භකර තිබේ.

කොරෝනා ආසාදිතයින් දෙදෙනා ඇසුරුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

එහි මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළේ ඒ පිළිබදව යුද හමුදාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබාගන්නා බවයි.

ඔවුන් රැදී සිටි හෝටල් ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භකර ඇති බවද ඇය සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *