දක්ෂිණ අධිවේගි මාර්ගයේදී බස්රථයක් ගිනිගනී

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(13) උදෑසන 7.00ට පමණ බස්රථයක් ගිනිගැනිමට ලක්ව ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව පොලිසිය පවසයි.

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගි බස් රථයක් මෙලෙස හදිසි ගිනි ගැනිමට ලක්ව ඇත.

කහතුඩුව පොලිස් වසමට අයත් තුනයි දශම හය එල් කණුව අසලදී අනතුර සිදුව තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවිමේ ඒකකය ගින්න මැඩ පැවැත්විමට කටයුතු කර ඇත.

කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =