අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නව කොරෝනා වෛරස තත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි ජනතාවට දැනුම් දී තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑ හැකි කිසිදු තත්වයකට රජය ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියි.

ජනාධිපතිතුමාගේ සම්පූර්ණ පණිවුඩය,

“රට තුළ ක්‍රියාත්මක වන කොරෝනා මර්දන ක්‍රියාවලිය නිසියාකාරව වටහාගෙන එයට අනුගතවන සහ එහි වටිනාකම අගය කරන වගකීම් සහගත පුරවැසියන් මෙරටට ආශිර්වාදයකි. රජය හදුන්වා දී ඇති ක්‍රියාවලියට සම්පූර්ණ සහයෝගය දක්වන සැමටත්, එය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සියලුම රාජ්‍ය සේවකයන්ටත් මාගේ ප්‍රණාමය. අපි සියලුදෙනා මේ මොහොතේ විශ්වාස කළ යුත්තේ මෙවැනි සත්‍ය අත්දැකීම් මිස කටකතා නොවන බව මාගේ හැඟීමයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *