චීනයෙන් ඉතාලියට අතහිත

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ කොරෝනා වෛරස් පැතිරී යාමට පමණක් දෙවෙනි වූ ඉතාලිය මේ වන විට වෛරස් ආසාදිතයින් වැඩිම රට ලෙස සඳහන් වේ. ඉතාලි ජාතිකයින්ගේ ඇතැම් පුරුදු නිසා වෛරසයේ පැතීරීම වේගවත් වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඉතාලිය හරහා මෙම වෛරසය මේ වන විට මුළු යුරෝපය පුරාම පැතිර යමින් ඇති අතර මේ වන විට වෛරසය සාර්ථකව මැඩ පවත්වමින් සිටින චීනය මේ අවස්ථාවේ ඉතාලියේ සහායට ඉදිරියට පැමිණ ඇත.

වෛරසය පිළිබඳ වෘත්තිමය දැණුමැති වෛද්‍ය නිළධාරීන් 09 දෙනෙකුගෙන් යුතු සෞඛ්‍ය කණ්ඩායමක් මේ වනවිට රෝමය වෙත පැමිණ තිබේ. ඔවුන් ඉතාලිය තුළ වෛරසය මැඩ පැවැත්වීමට අවශ්‍ය මූළික කටයුතු සම්පාදනය කරමින් සිටි.

ඔවුන් මුඛ ආවරණ මිලියන 1.8ක් සහ අත්‍යවශ්‍ය ඹෟෂධ වර්ග රැසක්ද රැගෙන පැමිණ ඇති අතර ඒවා රට පුරා බෙදා හැරීම අද දිනයේ සිට සි කෙරේ. එමෙන්ම ස්පාඤ්ඤය, ඉරානය හා ඉරාකය වෙතත් මේ ආකාරයේ චීන වෛද්‍ය කණ්ඩායම් පිටත්ව ගොස් ඇතැයි සදහන්ය.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4979 කි. 134,702 ට වෛරසය ආසාදනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *