මාර්තු අවසානය තෙක්දේවමෙහෙයන් එපා

(කොළඹ, ලංකාපුවත්) –මාර්තු මස අවසන් වනතෙක් ඉරිදා දේව මෙහෙය සහ අනෙකුත් දේව මෙහෙයන් පැවැත්වීමෙන් වළකින ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලු දේවස්ථානවලින් ඉල්ලා සිටිති.

ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසිවීම තමා කිසිසේත් බලාපොරෙතු නොවන දෙයක් බවත්, වෛරසය උග්‍ර අතට හැරුනොත් පමණක් මැතිවරණය පැවැත්වීම අවලංගු කළ යුතු බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙසේද කීහ. කොවිඩ් 19 වයිරසය මැඩපැවැත්වීම සඳහා කිතු දහමේ නායකයන් ලෙස අපි තීරණය කළා මෙම මස අවසන් වනතුරු සියලු කතෝලික දේවස්ථාන වල ඉරුදින පූජාව සහ අනෙකුත් පූජා තාවකාලිකව නැවැත්වීමට. ඒ නිසා අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දෙන කියා. දේවමෙහෙයන් සහ විශාල ලෙස ජනතාව රැස්වන කතෝලික පූජා මේ මස අවසන් වනතුරු අපි නැවැත්වීමට තීරණය කළා. ඉන් පසුව රටේ තත්ත්වය සලකා බලා අපි ජනතාවට නැවත දැනුම් දී දේවමෙහෙයන් ආරම්භ කළ යුතු කාලය කියනවා.

කතෝලික ජනතාවට යැදුම තුලින් අපි රටේ ප්‍රශ්නයට සහයෝගය ලබාදිය හැකියි. යාඥා කිරීම නිවසේ සිට ආරම්භ කරන්න. ඉරුදින පූජාව වෙනුවට පූජා ද්‍යාහනය නිවසේ සිට කරන්න පුළුවන්. ඥානර්ථ පුවත්පතේ නිවසේ සිට යාඥාවේ යෙදෙන ආකාරය.

පළ කරන්නම්.පොදු යහපත සඳහා අපි කැපවිය යුතුයි. අපි ගැන විතරක් සිතාගෙන බඩු රැස්කිරීම මේ වෙලාවේ නොකළ යුතු දෙයක්. එකාවන්ව සිතා වැඩකළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *