තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම ගැන දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිවය අද(17) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් බවට ප්‍රකාශ කර තිබුණ ද 17, 18, 19 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඉදිරි දිනවලදී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුනු අයදුම්පත් ලෙස සලකා කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරනු ලබන බව කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − seven =