ප්‍රංශය ඇතුළු තවත් රටවල් රැසක නගර වැසේ

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට යුරෝපයේ රටවල් රැසක් දැඩි පියවර ගනිමින් සිටියි.

නවතම වාර්තා අනූව ප්‍රංශයේ නගර අද සිට සම්පූර්ණ වසා දැමීමක් සඳහා එරට රජය පියවර ගෙන තිබේ. ප්‍රංශ ජනාධිපති එමෑනුවල් මැක්රෝන් සඳහන් කරන්නේ, තම රට මේ වන විට සෞඛ්‍ය යුද්ධයක පැටලී සිටින බවයි.

ඉතාලිය හා ස්පාඤ්ඤය මේ වන විටත් නගර සම්පූර්ණ වසා දැමීම සිදුකර තිබේ. එසේම යුරෝපා සංගමයේ රටවලට පිටතින් පැමිණෙන සංචාරකයින් අද සිට ඇතුල් වීම ද තහනම් කෙරුණු බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි. ප්‍රංශය එරට නගර වසා දැමීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීම සඳහා ලක්ෂයක පොලිස් බලඇණියක් ද යොදවා තිබේ.

එසේම, අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු ද වසා දමන ලෙස රටවල් රැසක් නියෝග කර තිබේ. ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් එරට සියලුම ආගමික උත්සවයන් තහනම් කර තිබේ. එසේම සියලු රටවැසියන්ට දේශීය හෝ විදේශීය නිවාඩු ගමන් අවලංගු කරන ලෙසත් ඇය දැනුම් දී ඇත. බ්‍රිතාන්‍ය ද අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් බිමන්වලින් වළකින ලෙස එරට රට වැසියන් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *