මාර්තු 01 සිට මෙරටට පැමිණි අය ලියාපදිංචියට 119 අමතන්න

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ 119 අංකය අමතා ලියාපදිංචි වන ලෙ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලියාපදිංචි වීමේ දී පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය දන්වා සිටියි.

එම නියෝගවල අනූව කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබන බව, ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *