ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 7000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහස ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබේ.

අමෙරිකාව ද ජනතාවට නියෝග කර ඇත්තේ ඉදිරි දින 15 තුළ දස දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීමෙන් වළකින ලෙසය.

ඉරානය ද කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා එරට ජනතාවට හැකි සෑම විටම නිවස තුළට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබේ. මේ වන විට අප්‍රිකානු කලාපයෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවති. මේ වන විට අප්‍රිකානු රටවල් 26කින් රෝගීන් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 3 =