මාර්තු 01 – 10වනදා අතර මෙරටට ආ 880ක් පිළිබඳ තොරතුරු

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු 01වනදා සිට 10වනදා දක්වා කොරෝනා වෛරසය ව්‍යාප්තවන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 880දෙනෙක් සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

ඒ අතර එලෙස පැමිණි විදේශිකයන්ට සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කළ අයද සිටින බව ඔහු පැවසීය.

මේ අතර මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණි අය සදහා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඉහත රටවල සිට ඔබ මෙරටට පැමිණියේනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *