මෙරට සිටින විදේශිකයන්ට කරදර කරන්න එපා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරි හැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි.

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද(19) පැවති මාධ්‍ය හමුවට එක‍‍්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් අව මානසික තත්ත්වයෙන් මිදී සැකකටයුතු විදේශිකයින් ගැන පමණක් ආරක්ෂක දැනුවත් කරන එසේ නොවන අවස්ථාවල කිසිවිටෙකත් විදෙස් ජාතිකයින්ට හිරිහැර කිරීමෙන් හෝ ඔවුන් අපහසුතාවයට පත් කිරීමෙන් වළකින ලෙසත් ඔහු කියා සිටියේය.

ඔවුන්ට නරක ලෙස සැලකිමේ ප්‍රතිවිපාකයන්ට අනාගතයේ මුහුණ දීමට සිදු වෙන බවත් පැවසු අජිත් රෝහණ මහතා සියලු විදේශිකයින්ට කරදරයක් වන ලෙස නොහැසිරෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 8 =