හොලිවුඩ් නළු ටොම් සුව අතට

(කොළඹ, ලංකාපුවත්) –ඔස්කාර් සම්මාලාභී සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් හා ඔහුගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී කොවිඩ්19 ආසාදිතයින් බවට පත්වීම ලොව පුරා පැතිරී ගිය උණුසුම් පුවතකි.

එම නිසා ඔහු සහ බිරිඳ ඉතා ඉකිමනින්ම නිරෝධායනය සඳහා ක්වීන්ස්ලන්ඩ් රෝහලට ඇතුලුවූ අතර එහි ගත කළ සති දෙකක කාලයේදී ඔවුන් ක්‍රමයෙන් සුව අතට පත්වී තිබේ. එම හේතුවෙන් ඔවුන් ඊයේ(18) ක්වීන්ස්ලන්ඩ් රෝහලෙන් පිටත්වී ගොස් ඇත.

දෙවන ගණයේදියවැඩියා රෝගියෙකු වන ටොම් තම දිවිය මෙතකින් අවසන් වේ යැයි සිතා සිටි බවත්, තමා හා බිරිඳ ඉතා පරෙස්සමින් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව සති දෙක කල් යැවූ නිසාත් ඉතා ඉක්මනින්ම සුව අතට පත්වූ බවත් පවසා ඇත.

( තොරතුරු – හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 2 =