ශ්‍රී ලංකා රජයෙන් විදේශ රාජ්‍යයන්ට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමඟ මෙරටට පැමිණීමට නොහැකිව වෙනත් රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත‍්‍ර දීර්ඝ කිරිමට පහසුකම් ලබාදෙන ලෙස විදේශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා විදේශ රටවලින් ඉල්ලීමක් කර තිබේ.

දැනට මෙරට තුළ සිටින විදේශිකයන්ටද වීසා බලපත‍්‍ර සදහා මාසයක දීර්ඝ කිරිමක් සිදුකර ඇති බව ලේකම්වරයා පෙන්වා දී ඇත.

මෙම සුවිශේෂී අවස්ථාවේ මුහුණදීමට සිදුවන ගැටලු අවම කරගැනීම සදහා ශ‍්‍රි ලාංකික සංචාරකයන්ටද මෙම පහසුකම සලසන ලෙස ඔහු ඉල්ලා තිබේ. ඒ කොරෝනා ව්‍යප්තිය පාලනය සදහා ශ‍්‍රි ලංකාව ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිලිබද රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රජාව දැනුවත් කිරිම සදහා පැවති සැසිමාලාවේ කොටසක් ලෙස බටහිර කලාප තානාපතිවරුන් ඇමතූ අවස්ථාවේය.

තම පුරවැසියන්ට වීසා බලපත‍්‍ර දීර්ඝ කිරිම ඇතුලුව පවතින තත්වය පාලනය කිරිම සදහා ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති උත්සාහයන් පිලිබදව තානාපතිවරුන් එහිදී ප‍්‍රශංසාව පළකර තිබේ. ඒහා සමාන පහසුකම් එම රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන්ටද ලබාදීම වෙනුවෙන් කරන ලබන ඉල්ලීම තම රටවල් වෙත දැනුම්දෙන බව තානාපතිවරුන් එහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *