තැපැල් සේවකයින් මගින් ඖෂධ බෙදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල් වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හෙට (30) සිට තැපැල් සේවකයින් මගින් බොහැරීමට සැලසුම් කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඇති බවයි.

මේ අතර පෞද්ගලික ඖෂධ අලෙවිසල් මගින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ඇනවුම් කර අදාළ ඖෂධ අලෙවිසල සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් ඒ බව ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම අවස්ථාවල පොලීසිය මැදිහත්ව එම කටයුතු සම්බන්ධීකරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =