ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට ප්‍රසාදය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වසන්ගතය මැඩලීමට ලෝක සෞඛය සංවිධානය ශ්‍රී ලංකාවට ලබාදෙන දායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇගයීමට ලක්වුණා.

ලොක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ‍්‍රස් ඇඩනම් මහතා සහ ගොඨාභය රාජපක්ෂ මැතිතුමා අතර දුරකථන සංවාදයක් පසුගියදා (31) රාත්‍රියේ පවත්වා තිබේ.

කොරෝනා වසන්ගතය හමුවේ සිදුව ඇති සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිලිබද එහිදී සාකච්ඡා කෙරුණි.

කොරෝනා වසන්ගතයට එරෙහිව සමස්ත රටම ක්‍රියාත්මක වන ආකාරය ගැන ලෝක සෞඛය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපතිතුමාට ස්තුතියද පළකළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *