ශ්‍රී ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් නව ජිවිතක්ෂයට පත්ව ඇත. ඊයේ(01) රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු කර ගෙන ඇත්තේ ද ඊයේ දිනයේ දීමය. එම රෝගියා කොළඹ IDH රෝහල වෙත මාරු කරන අවස්ථාවේ දී මිය ගොස් ඇත.

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබේ.

රෝගියා රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − nine =