මරදානේ නිවාස සංකීර්ණයක් හුදෙකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තුන්වන කොරෝනා මරණය ලෙස ඊයේ (01) රාත්‍රියේ මියගිය මරදාන ප‍්‍රදේශයෙන් හදුනා ගැණුනු 73 හැවිරිදි පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර ඇත.

අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන පැය 24ක් ගත වීමටත් පෙරය.

මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් ද මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *