මහපොළ ශිෂ්‍යාධාරය බැංකු ගිණුම් වෙත

(කොළඹ, ලංකාපුවත්) –විශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් බඳවාගැනිම Online මඟින් අයදුම් කිරිමේ කාලය පාසල් ආරම්භවී සති 2 ඇතුළත අවසන් කිරිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කීය.

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් යොමු කිරිම මේ මස 10 දකවා ලබා දී තිබුණ ද පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් එදිනට අවසන් නොවන බව ඇමතිවරයා පැවසීය.

එසේම,නවතා තිබු මහපොල ශිෂ්‍යධාරයද මේ වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *