ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා රජයන් නව කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටිය දී ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි.

මහලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම එමගින් ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ඔවුන්ට ඉඟියක් ලබා දෙන බවයි.

වෛරස සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම් සහගත වන අතර එමගින් ලොව පුරා ජන සමාජයන් වෙත දැවැන්ත විනාශයක් සිදු කළ හැකි බවයි පැවසෙන්නේ.

ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ නව කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ගැටුම් විසඳුම් ක්‍රියාවලි පිළිබඳ අවධානය ගිලිහී ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *