චීනයෙන් ලැබූණු මුඛ ආවරණ 5000 ක් ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයට, චීනයේ අයිඩි අක්ෂි රෝහල (AIDI Eye Hospital) හා විදේශ රටවල මිත්‍රත්වය සඳහාවන සිචුවාන් ජනතා සංගමය (Sichuan People’s Association for Friendship with Foreign Countries) මගින් ලැබුණු මුඛ ආවරණ 5000 තොගයක් ඊයේ (10) නාරාහේන්පිට, ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයට ( ජාතික ලේ බැංකුව) පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ උපදේශක මණ්ඩල සභාපති හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එච් රුවන්චන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි සංගමයේ සභාපති ඉන්ද්‍රනන්ද අබේසේකර මහතා විසින් මුඛ ආවරණ තොගය ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාට ලබාදුන්නේය.

කොරෝනා මර්දන වැඩපිලිවෙලට සහය දිම සඳහා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් චීනයේ මිත්‍ර සංගම්වල හා ආයතනවල සහයෝගයෙන් දියත් කරන වැඩසටහන් යටතේ මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *