ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18 51,734 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ 114,179ක් සිදුව ඇති බවය.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 22,105කි.

කොව්ඩි නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය රෝගීන් සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 737 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. ඒ අනුව එරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 10,612 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *