සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවේ.

කෙසේ නමුත් කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලීමක් කරනු ලැබේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් චාරිත්‍ර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නැකත් චාරිත්‍ර අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 8.23 ටයි.

එදින අපරභාග 1.59 සිට අලුයම 2.47 දක්වා පුණ්‍ය කාලය වේ.

අප්‍රේල් මස 13 වන සදුදා අපරභාග 1.59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව ජ්‍යොතිෂයේ දැක්වේ.

අප්‍රේල් 13 වනදා අපරභාග 10.5 ට සුදු පැහැති වස්ත්‍රාභාරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළකර ගැනීම යහපත් බව නැකත් සීට්ටුවේ දැක්වේ.

වැඩ ඇල්ලීම ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අප්‍රේල් 13 වනදා අපරභාග 10.43 ටය.

හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15 වනදා පූර්වභාග 09.17ට යෙදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + nine =