දඩයම්කරුවන් පිරිසකගේ වෙඩි තැබීමකින් වනජීවී නිලධාරියෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – දඹගල්ල පොලිස් වසමේ ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටවගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරීන් කණ්ඩායමකට දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල නිවේදනය කරයි.

මෙම වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වයස අවරුදු 25ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ නිලධාරීයෙකි.

මිය ගිය නජීවි නිලධාරියාගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරික්ෂණ අද සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *