වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් කහකුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 ක් ලෙස දක්වමින් ඊයේ (21) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

මේ වනවිට වෙළඳපොලේ කහකුඩුවල හිඟයක් මතුවී ඇති අතර ඒවා විවිධ මිල ගණන් යටතේ වෙළඳපොලේ අලෙවිවීම සැලකිල්ලට ගෙන මෙලෙස පාලන මිලක් පනවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 13 =