කොරෝනා මඩින පොලිසියට ප්‍රතිශක්තීකරණ ඔසුපැන්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙලේ දී මහජනතාව සමග ඍජු සම්බන්ධතාවයක් ඇති නැගෙනහිර පළාතේ පොලිස් නිළධාරින් සදහා විශේෂ ප්‍රතිශක්තීකරණ ඖෂධීය ඔසුපැන් සහ දුමායන ඖෂධ ලබා දීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙම ඖෂධ ඇයගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දීම ද විශේෂත්වයකි.

මේ සදහා නැගෙනහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්න මහතා ඇතුළු පොලිස් නිළධාරින් බොහෝමයක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *