මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ(22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර තවත් 07 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්ය.

මීට අමතරව පොළොන්නරුව ප්‍රදේශයෙන් ආසාදිතයෙකු සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද මෙම ආසාදිතයින් අතර වෙයි.

මේ වන විට ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 105ක් වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 7ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *