IPL ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා මාලිංග

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් පසුව මෙතෙක් පැවැති තරගමාලා 12න් බිහිවූ ‘සදාතනික ශ්‍රේෂ්ඨයන්’ නමින් අපූරු තේරීමක් සිදු කිරීමට සංවිධායකයන් පසුගියදා කටයුතු කර තිබිණි. ස්ටාර් ස්පෝර්ට්ස් හී ක්‍රිකට් සම්බන්ධයෙන් නම් කළ විශේෂඥ ජූරි සභාවක් විසින් මේ තේරීම් සිදු කළේය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ‘ශ්‍රේෂ්ඨතම පන්දු ‍යවන්නා’ ලෙස නම් කෙරිණි.

ඔහු තරග 122ක දී කඩුලු 170ක් බිඳ හෙළා ඇත්තේ අයි.පී.එල්. තරගබිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසිනි. මාලිංග සතු තියුණුම ආයුධය වන ‘යෝකර්‘ පන්දු යැවීමේ විශිෂ්ට හැකියාව මෙම තෝරා ගැනීම සඳහා බලපෑ ප්‍රබලතම සාධකය විය. යෝකර් පන්දුව සමගින් විස්සයි 20 ක්‍රීඩාවේ ඕනෑම අදියරක දී මුහුණදීමට අපහසු, වඩාත්ම තර්ජනාත්මක පන්දු යවන්නකු බවට පත්වීමට මාලිංග සමත්වීමත් තෝරා ගැනීමේදී ඉවහල් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *