ගුවන්හමුදා‍‍ව ගුවන් ගිලන් රථයක් හදයි

(කොළඹ, ලංකාපුවත්) –ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලගණය විසින් වයි -12 වර්ගයේ යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කර ඇත.

විශේෂයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය ඇදුම් කට්ටලයක් යොදා ගනිමින් අසාද්‍ය තත්ත්වයේ, හුස්ම ගැනීමට අපහසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය උපකරණ මෙන්ව විශේෂිත ගිලන් ඇදක්ද සහිතව වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඉඩ පහසුකම් සහිතව මෙම වයි වර්ගයේ ගුවන් ගිලන්රථය නවීකරණය කර තිබේ.

මෙම නවීකරණය කර ඇති ගුවන් ගිලන් රථය ගුවනේ දී සාර්ථකව අත්හදා බැලීම් ද සිදු කර ඇත.

එම ගුවන් ගිලන් රථය කොවිඩ් – 19 මර්දනය කිරීමේ කටයුතුවල යෙදී සිටින වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම මත ලබා දීමට රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *