කොවිඩ්-19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 ඉක්මවා තිබේ.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ද මෙම අරමුදල සඳහා රුපියල් මිලියනයක් ප‍්‍රදානය කර ඇත. කැළණි රජ මහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රජ මහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපිටිය ශ‍්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් අනූ හය දහසක්, සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 05ක් හා සි/ස සණස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක් ද මේ වෙනුවෙන් පිරිනැමීය.

ඊට අමතරව ඕස්ට‍්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ පදිංචි ආදි ආනන්දියන් රුපියල් ලක්ෂ 05ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මිලියන 1.1 ක්, ඒ.ඞී.ආර්.සී. ලෙනාඞ් මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක්, මඟනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් හය ලක්ෂ හැට එක් දහසක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යනුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර චෙක්පත් හෝ ටෙලිග‍්‍රාෆ් සම්පේ‍්‍රෂණ මඟින් ද මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතී. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන* කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + two =