ප්‍රංශය රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශය තුළ දැනට පවත්වාගෙන යන රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට සූදානම් වේ. මැයි 11වනදා සිට නීති ලිහිල් කිරීමට හැකිවනු ඇති බවට එරට අගමැති එඩ්වඩ් පිලිප් ඊයේ සදහන් කර ඇත.

කොරෝනා රෝගය වෙනුවෙන් පනවා ඇති නීති ලිහිල් කිරීම මගින් රට ආර්ථික වශයෙන් කඩා වැටීම නවතා ගැනීමට හැකිවනු ඇති බවට අගමැතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් රට ආර්ථික වශයෙන් වේගවත්ව ක්‍රියා කිරීමත් සමඟ රෝගය ආසාදනය වීමේ වේගයද ඉහළ යාමේ අවදානමක් පවතී.

මේවන විට ප්‍රංශය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 165,911කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *