ගුවන් හමුදාව කටුනායක ගුවන් තොටුපලේ මගී විෂබීජහරණ කුටියක් හදයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි කාලයේ දී ගුවන් මගින් පැමිණෙන සියලුම මගීන් විෂබීජහරණය කිරීම සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විෂබීජහරණ පද්ධතියක් නිර්මාණය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුචා කදවුරේ ගුවන් යානා ඉංජිනේරු සහයක පක්ෂාංගය විසින් මෙම මගී විෂබීජහරණ කුටිය තනා ඇත.

මෙම විෂබීජහරණ කුටිය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී. ඒ චන්ද්‍රසිරි මහතා වෙත පසුගියදා(27) භාර දීම සිදුවිය.

මෙම මගී විෂබීජහරණ කුටිය ප්‍රධාන අංශ තුනකින් සමන්විත වෙිග මෙහි පලමු කොටසේදි ශරිරයේ ඉහල පිටුපස හා හිස ප්‍රදේශය විෂබිජහරණය කිරිම අරමුණු කොටගෙන ඇතග දෙවන කොටසේදි දණහිසට ඉහලින් ශරිරයේ මැද ශරිර කොටස ඉලක්ක කරගන්නා අතර තුන්වන කොටසේදි කකුල් සහ පාද විෂබිජහරණ ක්‍රීයාවලිය සිදු කරයි.

විෂබීජනාශක දියර ඉසිමට අමතරව විශේෂයෙන් නිර්මාණය කරන ලද විෂබිජනාශක ඉසින පද්ධතියක් මගින් විශබිජහරණ උමග තුල මිදුම නිර්මාණය කරන අතර එමගින් ඇදුමි තුල පවතින ඕනෑම අපවිත්‍ර ද්‍රව්‍යයක් පිරිසිදු වනු ඇතග තවද උමගෙන් අපවිත්‍ර වු සියල්ල ද්‍රවයක් ලෙස වෙනමම ටැංකියක එකතු වන අතර එය ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් නිසි ලෙස බැහැර කරනු ලැබේ. බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ වෙනත් පැමිණීමේ සහ පිටවිමේ පර්යන්ත වලද මෙවැනි කුටි ස්ථාපනය කරන ලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *