නව නිපැයුම් ගැන දැනුම් දෙන්න – අගමැති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රට ව්‍යසනයකට මුහුණ දී සිටියද එම ව්‍යසනයම අවස්ථාවක් කර ගනිමින් ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ දිනවල නව නිපැයුම් සිදු කෙරෙන අතර එවැනි නව නිපැයුම් දිරි ගැන්වීමටත්, නව නිපැයුම් ඊළග තලයට රැගෙන යාමට සහය දීමටත් රජය සූදානම් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා වූ අග‍්‍රාමාත්‍ය කමිටුව ඉකුත්දා පත් කෙරුණා අතර ඒ අනුව තමන් සිදු කරන නව නිපැයුම් පිළිබඳව නොපමාව මෙම කමිටුවට දැනුම් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලයි.

pmti.mahindarajapaksa.lk වෙබ් අඩවියට පිවිස නියමිත කාණ්ඩය යටතේ පෝරමයක් පිරවීමෙන් දැනුම් දීම කල හැකිය. සෑම දැනුම් දීමක් සඳහාම කඩිනමින් ප‍්‍රතිචාර දක්වන ලෙස අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

‘‘ශී‍්‍ර ලාංකීය නව නිපැයුමෙන් ලොවම දිනමු’’ යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධාන කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =