ඇඳිරි නිතිය කඩ කළ 46,284ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා විටින් විට ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කර අදට(04) දින 46ක් ගතව තිබෙන අතර ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 46,284 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12,013 කි.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද අළුයම 05.00ට ඉවත් කෙරුණි.

කෙසේවෙතත් අද රාත්‍රි 08.00ට ඇදිරි නීතිය යළි පනවනු ලබන අතර මැයි 06 වන බදාදා තෙක් එය රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *