තවම පාසල් ආරම්භ කරන්න දිනයක් නැහැ –අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවත් කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැරියන් ඇසූ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (02) පැවසිය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසල් දරුවන් විසින් විමසන ලෙද ප‍්‍රශ්න වෙත පිළිතුරු දෙමිනි.

ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

එම වැඩසටහන අනුව යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳවද දරු දැරියන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විකල්ප දෙකක් ඇති බවය. ඒ උසස් පෙළ විභාගය කල් දැමීම එක් විකල්පයක් ලෙසද ආවරණය කර ඇති විෂය කොටස්වලින් පමණක් ප‍්‍රශ්ණ සකස් කර විභාගය පැවැත්වීම දෙවන විකල්පයය ලෙසටය .

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය තවම ගෙන නැතැයිද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *