මනාප අංක ප්‍රසිද්ධ කිරීම අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – මහා මැතිවරණයට නාමයෝජනා බාර දී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රයක් මඟින් අද (04) ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු ව තිබුණත් එය අවලංගු කෙරුණු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අතර පෙරේදා (02) පැවැති විශේෂ හමුවකින් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වී මෙම තීරණය ගත් බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

පක්ෂ ලේකම්වරු සහ නියෝජිතයින්ගේ රැස්වීමෙන් අනතුරුව කොමිසම පෙරේදා (02) සවස රැස් වී මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී මැතිවරණ කොමිසම ලබන ජුනි 20 මැතිවරණය පවත්වනවාද? වෙනත් දිනයක් ඒ සදහා යොදා ගන්නේදැයි නිෂ්චිත තීරණයකට එළඹ නැත. පවතින සෞඛ්‍ය තත්ත්වය ද සලකා බලා ඉදිරි දෙසතිය තුළ නැවත කොමිසම රැස් වී මහා මැතිවරණය පැවැත්වීමේ දිනය ගැන අවසන් තීන්දුවකට එළඹිමට තීරණය කර ඇති බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *