මැයි මස විශ්‍රාම වැටුප හා රු.5000 දීමනාව ගෙවීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මැයි මස දීමනාව ගෙවීම අද(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.

වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත.

මෙම කණ්ඩායම්වලට අයත් මුල්‍ ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව හිමි වෙයි.

‍මැයි මාසය සඳහා විශ්‍රාම ගෙවීම හෙට ආරම්භ කොට පොහොයට පෙර අවසන් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *