අමෙරිකාවට මාරාන්තික බඹර තර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව සිටින අමෙරිකාව මාරාන්තික බඹර විශේෂයකින් ද මේවන විට පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම බඹර විශේෂය එරට බටහිර වෙරළ තීරයෙන් හමුව තිබේ.

‘මර්ඩර් හොනට්ස්‘ නම් එම බඹර විශේෂය අඟල් 02ක් පමණ විශාල වේ. මෙම විශාල ආසියනු බඹරුන්, අමෙරිකාවෙන් වාර්තා වී ඇත්තේ පළමු වරටය.

ඔවුන්ගේ දෂ්ඨ කිරීම් මිනිසුන් මරණයට පවා පත් කළ හැකිය. මෙම බඹර ප්‍රහාර හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මරණ 50ක පමණ වාර්තා වන බවද සදහන් ය.

මෙම බඹර මීමැස්සන් ආහාරයට ගැනීම හේතුවෙන් මීමැසි ගහණයට ද තර්ජනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =