විදේශයන්හි ලේඛනගත නොවූ ශ්‍රමිකයන්ට තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට එකඟත්වය

(කොළඹ, ලංකාපුවත්) – විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කර ඇත.

සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට පැමිණවීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කරයි.

ඊයේ(04) දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ ආයතන සමඟ පවත්වන ලද රැස්වීමක දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *