(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ පුද්ගලික සහයකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ධවල මන්දිරයේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී දිනකට පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී අදාළ සහකයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
කෙසේ නමුත් මේවන විට ධවල මන්දිරය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උපජනාධිපතිවරයාව දෛනිකව කොවිඩ් 19 පරීක්ෂාවකට ලක් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේවන විට 76,000 ඉක්මවා ඇති අතර ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.