ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතයින් සදහා ප්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලය සදහා නව නේවාසිකාගාරයක් ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ ශ්‍රම දායකත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් පසුගියදා ආරම්භ විය.

එහි වැඩ අවසන් කොට රෝහල වෙත භාරදීම ඊයේ(08) සිදු කෙරුණි.

මෙම හෙද නේවාසිකාගාරය කාමර 16කින් යුත් අතර හෙද නිලධාරින් තිස් දෙදෙනෙකු සදහා නේවාසික පහසුකමි සහිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *